23Apr2010

විද්‍යාවේ මූලික අධ්‍යනයන් වර්ගීකරණය කරමු

අපේ ලෝකය නිර්මාණය වෙලා තියෙන්නේත් පදාර්ථය සහ ශක්තියෙන්. මේක තමා ඉතින් පොදු පිළිගැනීම. පදාර්ථය ප්‍රමාණාත්මකව දක්වන්නට පුළුවන්. ඒ සදහා ස්කන්ධය නැමැති රාශිය යොදාගන්නවා. ස්කන්ධය(M) මනින අන්තර්ජාතික ඒකකය(SI) වෙන්නේ කිලෝග්‍රෑම්(kg). ස්කන්ධය අපේ ලෝකයෙන් පිටතදී භාවිතා කළ හැකි රාශියක්. නමුත් මෙම ස්කන්ධය අපේ පොළොවේ ගරුත්ව බලයට සාපේක්ෂව බර බවට පත් වෙනවා.  ඒ කියන්නේ අපේ පොළොවේදී අපි මනිනු ලබන ස්කන්ධය බර ලෙස හඳුන්වනවා. බර මනින නියම ඒකකය නිව්ටන්(N). නමුත් සාමාන්‍ය ජීවිතයේදී අපි ඕවා බලන්නේ නෑ. ‍බර මනින්නත් කිලෝගග්‍රෑම් තමා භාවිතා කරන්නේ. බර සහ ස්කන්ධය අතර සම්බන්ධය අපි ඉදිරියේදී සාකච්ඡා කරමු.

ඉතින් පදාර්ථය නිකන්ම ඔහේ පවතින්න බෑ. එය තුල යම් යම් විපර්යාස සිදුවෙනවා. ඒ වගේම වවිධ චලනයන් සිදුවෙනවා. මේවැනි ක්‍රියා සිදුවීමට ශක්තිය වැදගත් වෙනවා. ශක්තියට සාපේක්ෂව පදාර්ථය වෙනස්වීම් වලට ලක්වෙනවා කියලා අපිට කියන්න පුවවන්. ඉතින් මේ පිළිබඳව තමා අපි එය භෞතික විද්‍යාවේදී ඉගෙන ගන්නේ. භෞතික විද්‍යාවේදී අධ්‍යයනය කරන්නේ ශක්තිය පිළිබඳවත් ශක්ති විපර්යාස‍ පිළිබඳවත් සහ ශක්තියේ විචලනය(වෙනස් වීම) අනුව භෞතික වස්තූතන්ගේ(පදාර්ථයේ) හැසිරීම පිළිබදයවයි. ඒ අනුව ශක්තිය ගැන ඉගෙන ගන්න හොඳම විෂයය භෞතික විද්‍යාව. ආ… තව දෙයක් කුමන ශක්තියක් වුවත් මනින්නේ ජූල්(J) ඒකකයෙක් කියලත් මතක තියාගන්න ඕනේ.

භෞතික විද්‍යාව පර්යේෂණාත්මක විෂයයක්. සෑම විටම පර්යේෂණ ප්‍රතිඵල මත නිගමනයකට එළඹෙනවා. ඉතින් ගණිතය නැතුවම බෑ. ගණනය කිරීම් ඉතා වැදගත්. ශක්තිය පිළිබඳව විතරක්ම නෙවේ. භෞතික විද්‍යාවට ප්‍රකාශ විද්‍යාව, ඉලෙක්ට්‍රොනික විද්‍යාව, යාන්ත්‍ර විද්‍යාව, ධාරා විද්‍යුතය, ස්ථිති විද්‍යුතය, දෝලන හා තරංග, චුම්බක ගුණ නොයෙකුත් දේ ගැන අධ්‍යයනයන් අයත් වෙනවා. අද සමාජයේ අපි නොදැනුවත්ව හෝ අපි භෞතික විද්‍යාව ප්‍රයෝජනයට ගන්නවා. හරියට නැති තැනක් නෑ වගේ.

දැන් එතකොට පදාර්ථය ගැන ඉගෙන ගන්නටත් විෂයයක් තියෙන්න ඕනනේ. එන්න ඒකට තමා රසායන විද්‍යාව. පදාර්ථයේ තැනුම් ඒකක පිළිබඳව මෙහිදී ගැඹුරට සලකා බලනවා. එතැන් පටන් පදාර්ථයේ විවිධ අවස්ථා(ඝන, ද්‍රව, වායු), රසායන ප්‍රතික්‍රියා, ශක්තියේ බලපෑම් වලට පදාර්ථයේ සිදුවන වෙනස්වීම් සහ තවත් සංයෝග වැනි දේ ගැන ඉගෙන ගන්න පුළුවන්! භෞතික විද්‍යාවත් මේ සඳහා යම් පමණකට දායක වෙනවා. රසායන විද්‍යාව ටිකක් සංකීර්ණ විෂයයක්. ඒ කියන්නේ විෂයය දැනුම පුළුල්. දැන් හිතන්නකෝ වෛද්‍ය විද්‍යාව ගැන එහෙම. එහිදී ප්‍රතිකාර සඳහා භාවිතා කරන ඖෂධ කියන්නේ මොනවද? තනිකරම රසායන ද්‍රව්‍යයන්. ඉතින් ඒ අතින් රසායන විද්‍යාව විශාල වශයෙන් වෛද්‍ය විද්‍යාවේදී භාවිතයේ යෙදෙනවා. තවත් බොහෝ ආකාරයට මෙම විෂයය වැදගත් වෙනවා.

ඔන්න අපි ශක්තිය ගැන අධ්‍යයනය කිරීමට භෞතික විද්‍යාවට භාර දුන්නා. පදාර්ථය ගැන අධ්‍යයනය කිරීමට රසායන විද්‍යාවට භාර දුන්නා.  තව එකක් තියෙනවා. දැන් පදාර්ථයේ තැනුම් ඒකකය පරමාණුවනේ. ඉතින් මේ ජීවී දේහය(ශාක හො සතුන් හෝ ක්ෂුඳ්‍ර ජීවීන්) ගැන බලන්නකෝ. අපි දන්න විදියට ඒවා වල තැනුම් ඒකකය තමා ජීවී සෛලය. ජීවී සෛලය හැදිලා තියෙන්නේ මොනවා වලින්ද කියලා අපි තව දුරටත් විපරම් කළොත් අපිට හමුවෙන්නේ පරමාණුවම තමා. එහෙනම් පදාර්ථයට ජීවය එක්වීමත්(මිනිස් ශරීරයටනම් ආත්මය) සමඟ එය තවදුරටත් පදාර්ථයක් නොවේ. එය ජීවීයෙක් බවට පත්වෙනවා. මෙන්න මේ ජීවීන් පිළිබඳව
අධ්‍යයනය කිරීමට තමා ජීව විද්‍යාව බිහි වුණේ. ජීවීන් කියලා මම කිව්වේ ශාක, සතුන් සහ ක්ෂුද්‍ර ජීවීන් ගැන. මේ තුනගොල්ලෝ ගැන ඉතාමත් හොඳින් මේ විෂයයේදී අධ්‍යයනය කරනවා. හරියට පාරිසරික විෂයයක් වගේ. සතුන් ගැන කතා කරන කොට මිනිසාත් සත්ත්වයෙක් කියලා තමා පිළිගන්නේ. නිකන්ම සත්ත්වයෙක් නෙමේ දියුණු බුද්ධියක් සහිත දියුණු ජීවියෙක්. ඉතින් මිනිස් ශරීරය ගැනත් මෙම විෂයයේදී ගැඹුරටම අධ්‍යයනය කරනවා. දන්නවනේ ඉතින් ඒ ගැන ඉගෙන ගත්තම වෛද්‍ය වෘත්තීයට බොහොම වැදගත්!

ඉතින් ඔන්න මම සරලව තුන්වර්ගයකට විද්‍යාව වර්ග කළා. මම මෙහෙම දැම්මේ හැඳින්වීමක් කරන්න. එහෙනම් තවත් ලිපියකින් හමුවෙමු.

“මෙම ලිපිය ශිරෝෂන් රන්දික විසින් ලියන ලද ලිපියකි. ඔහුගේ අවසරය මත උපුටාගැනීම් සිදු විය යුතුයි” ‍
Copyrights © 2010 Shiroshan Randika All rights Reserved.
Sharing is caring.
  • Subscribe to our feed
  • Share this post on Delicious
  • StumbleUpon this post
  • Share this post on Digg
  • Tweet about this post
  • Share this post on Mixx
  • Share this post on Technorati
  • Share this post on Facebook
  • Share this post on NewsVine
  • Share this post on Reddit
  • Share this post on Google
  • Share this post on LinkedIn

Discussion

9 responses to "විද්‍යාවේ මූලික අධ්‍යනයන් වර්ගීකරණය කරමු"

  • Shiroshan Randika says:

    මම මේකේ දාලා තියෙන පිංතූර ගැනත් පොඩ්ඩක් කියන්නම්.
    ඉහළ සිට පහළට බැලුවොත්,
    පළමු පිංතූරය:සරල පරමාණුක ආකෘතියක්
    දෙවන පිංතූරය:පැතලි අඩි ප්ලාස්කුව,සරාව, බීකරය
    තෙවන පිංතූරය:යීස්ට් ඒක සෛලික ජීවීයාගේ විශාල කළ ඡායාරුවක්

  • bckurera says:

    භෞතික විද්දයව ඉතාමත් රසවත්, අප නොදැනුවත්ව දවසකට කෙතරම් මූලධර්ම අප ඉදිරිපිට අප යොදා ගන්නවද? විශ්වයේ පදනම ගණිතයි. ඇත්තෙන්ම මේ හැම දේම විශ්මයජනකයි, හොද වැඩක් ඕන උදව්වක් කරන්නම් දිගටම මේ ලිපි පෙල ලියන්න

  • Shiroshan Randika says:

    @bckurera
    ඔව් ඒ විෂයය හරිම රසවත්. අනිවා දිගටම ලියනවා. බොහොම ස්තූතියි ඔබේ කමෙන්ටුවට!

  • චතුරංග රූපසිංහ says:

    වර්ග කිරීම් 3 හරි දැන් ඊලගට මොකද්ද
    අපි බලන් ඉන්නවා ලියන්න දිගටම

  • KaniRockz says:

    මැක්සා.. කියන්න වචන නැ මට. මේ කරන දේ නම් ගොඩක් වටිනව.. අන්තර්ජාලයේ සිංහලෙන් විද්‍යාව ගැන ලියවුනු ලිපි නැති තරම්.. ඒ අතින් මේ කරන දේ ගොඩාක් වැදගත් දෙයක්. දිගටම කරගෙන යන්න හදවතින්ම සුභ පතනව !

  • අමිලය says:

    පට්ට… උපරිමයෙන්ම දීල… මෙව්ව තමයි ලිපි කියන්නෙ

  • Shiroshan Randika says:

    @චතුරංග රූපසිංහ
    ඊළඟට තමා වැඩේ පටන්ගන්න ඕනේ දිගටම ලියන්න. ඉතින් බොහොම ස්තූතියි අයියා! දිරිමත් කිරීම ගැන.

    @KaniRockz
    බොහොම ස්තූතියි මාව දිරිමත් කරනවට! ඇත්තටම ඒක හින්දා තමයි මේ වැඩේ පටන් ගන්න හිතුවේ!

    @අමිල
    ඔය ඇත්තමද? මම හිතුවේ නෑ එච්චරටම හිතට අල්ලා යයි කියලා. බොහොම ස්තූතියි සහෝ!

  • වැප් says:

    සුබ පැතුම් මිතුර ………..

  • Shiroshan Randika says:

    @වැප්
    බොහොම ස්තූතියි මිතුර!

Leave a Comment